Venus de Milo – වීනස් ද මිලෝ ප්‍රතිමාව

වර්ෂ 1820 දී “මිලෝස්”(milos) නම් දූපතේ “යෝගස්”(yorgos) නැමැති එක්තරා ග්‍රීක ගොවියෙක් ඔහුගේ ගොවිබිමේ වැඩ කරමින් සිටින විට පොලවෙන් මතුවූ නෙලන ලද ගල් මතුපිටවල් කීපයක් දැකගැනීමට හැකි විය. තවදුරටත් ගැඹුරට ඒවා මතුකල ඔහුට නෙලන ලද ශෛලමය (ගල්) ප්‍රතිමා හතරක් සොයාගැනීමට හැකි විය. ඒවායින් තුනක් “හර්මිස්”(hermes) ප්‍රතිමා වූ අතර අනෙක “ඇප්‍රොඩයිට්”(Aphrodite) (ආදරයේ ඳෙවඟන) ප්‍රතිමාවක් විය. සොයගැනීමෙන් සති තුනකට පසුව “චොයිසල්”(Choiseul) නම් පුරාවිද්‍යා ගවේශකයන් පැමිණ “ඇප්‍රොඩයිට්” ප්‍රතිමාව මිලට ගෙන එය ප්‍රංශයට ගෙන යන ලදි. 18 වන ලුවිස් රජු එම ප්‍රතිමාව “වීනස් දි මිලෝ” නමින් නම් කර “ලූවර්” (Louvre)කෞතුකාගාරයේ තැන්පත් කරන ලද අතර පසු කලෙක එය ඉතා ජනප්‍රිය ඓතිහාසික කලා කෘතියක් බවට පත් විය.

Advertisement