Sujatha College, Matara – සුජාතා විදුහල, මාතර

සුජාතා විද්‍යාලය මාතර නගරයේ පිහිටා තිබෙන ප්‍රධාන බාලිකා පාසලකි.1929 වර්ශයේදී පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් ලෙස මෙය ආරම්භ කරන ලද්දේ මාතර බෞද්ධ සමාජය විසිනි. මෙම විදුහල ශ්‍රී ලංකාවේ තිබෙන පැරණිතම බෞද්ධ විද්‍යාල වලින් එකකි.රජය මගින් මගින් මෙය දැන් ජාතික පාසලක් ලෙස පවත්වාගෙන යනු ලබයි. සුජාතා විද්යාලයේ ප්‍රාථමික හා ද්විතීක ලෙස අංශ දෙකක් පවතින අතර ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකේම 6000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබයි.

ආරම්භය හා වර්තමාන තත්වය

1929 වෙසක් පුන් පොහෝ දින මාතර බෞද්ධ සමාජයේ සභාපති වී.ජී. ගුණරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් ආරම්භ කරන ලද මෙම විදුහලේ අද තත්වය හා සසඳන විට ආරම්භයේදි එය හුදු ලපටි පැලයක් විය. ආරම්භයේ සිට අවුරුදු 83 ක් සපිරෙන මේ මොහොත(2012) වන විට දකුණු පලාතේ පාසල් අතරින් ප්‍රමුඛ පෙලේ පාසලක් ලෙසට එය පත්ව තිබේ.

ආරම්භයේදී ගුණරත්න මහතාට අයත් මාතර වේරගම්පිට ප්‍රදේශයේ පිහිටි ඉඩමක පවත්වා ගෙන ගිය සුජාතා විද්‍යාලය  සිසුන් 36 කින් හා ගුරුවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත විය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගන්වීම් සිදුකල අතර සිංහලද විශයක් ලෙස උගන්වන ලදි.

මුල්ම විදුහල්පතිනිය ලෙස පත් වූයේ ඉන්දියාවේ සිට පැමිනි ඒ. ඊ. මැතිව්ස් මහත්මියයි.එතුමිය පාසල ගොඩනැගීමට සවිමත් අත්තිවාරමක් දමන ලදි. නිල් හා රන් පැහැති ටයි පටිය මෙම පාසලේ අනන්‍යතාව තහවුරු කරන්නකි.පාසලේ ආදර්ශ පාඨය වූ ”දල්හම් පග්ගන්හ වීර්යම්” යන පාලි පාඨයේ සිංහල  අදහස ‘’දැඩිව වීර්ය කරන්න’’ යන්නයි.

දිනෙන් දින දියුණුවේ හිනිපෙත්තටම පැමිණි සුජාතා විදුබිම  අද වන විට සියලු භෞතික හා මානව සම්පත් වලින් පරිපූර්ණව මාතර රාහුල පාරේ නව ස්ථානයේ ස්ථාපනය වී ඇත. 1958 වසරේ සිට රජයේ පාසලක් ලෙස නම්කල මෙම විදුහලට දැනට සිසුන් 6000ක් පමණද ගුරුවරුන් 188ක් ද අනධ්‍යන සේවක පිරිස 35කින්ද සමන්විතය.

විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන්

1)  A.E.Mathives මහත්මිය

2) ඩොරීන් වික්‍රමසිංහ මහත්මිය

3)  C. අමිර්තලිංගම් මහත්මිය

4) Comalan Crain මහත්මිය

5) F.D.Lovel Hestings මහත්මිය

6) M.M. පෙරේරා මහත්මිය

7) 1942 – 1968 R. බාලසූරිය මහත්මිය

8) 1965 – 1975 L. වෙදහිත මහත්මිය

9) 1975 – 1976 Windser මහත්මිය

10) 1977 – 1989 D.P.T. ධර්මසිරි මහත්මිය

11) 1989 – 1993 M.I. වීරතුංග මහත්මිය

12) 1994 – 2000 R.N. අමරසිංහ මහත්මිය

13) 2000 – 2002 D. බඹරවාන මහත්මිය

14) 2000 – 2005 C.H. පිනිදිය මහත්මිය

15) 2008 – 2010 W. A. නන්‍දාවතී මහත්මිය

16) 2010 – මේ දක්වා හේමන්‍තිමාලා වනිගසිංහ මහත්මිය

Website:  sujathavidyalaya.org

Advertisement