Matara – මාතර නගරය | Viki, The Sinhala Encyclopedia

Matara – මාතර නගරය

ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ ප්‍රධාන නගරයකි. කොළඹ සිට 160 km ක් දුරින් දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති දර්ශනීය නගරයක් වන එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වානිජ නගරයක්ද වන අතර මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන මූලස්ථානයද වේ. 2004 වර්ශයේ සුනාමි ව්‍යසනයේ බලපෑමට හසුවු අතර  මේ වන විට ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයකි.

මාතර ඉතිහාසය

ඉතිහාසයේදී මාතර, රුහුණ හෙවත් රෝහණ දේශයට අයත්ව තිබූ අතර 16 වන හා 18 වන ශත වර්ෂ වලදී පිලිවෙලින් පෘතුගීසි(Portuguese) හා ලන්දේසි(Dutch) පාලන වලට යටත්ව පැවත තිබේ.

මාතර දිස්ත්‍රික්කය කෘෂිකර්මාන්තය හා ගෘහ නිර්මාණ ශිල්පය අතින් විශේෂ ස්ථානයක් ගනී. ලංකාවේ පෞරාණික හා දර්ශණීය ප්‍රදීපාගාර වලින් එකක් වන පෘතුග්‍රීසින් විසින් ඉදිකරන ලද දෙවිනුවර ප්‍රදීපාගාරය(Lighthouse) මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර තුඩුවේ(ලංකාවේ දකුණු කෙලවර ලෙස හැඳින්වෙන ස්ථානයේ) පිහිටා තිබේ.

තවද මාතර නගරය තුල පෘතුග්‍රීසින් හා ලන්දේසින් විසින් නිර්මාණය කරන ලද පෞරාණික බලකොටු දෙකක්ද පිහිටා තිබේ. මාතර නගරය තුල ලන්දේසින් විසින් ඉදිකරන ලද අනෙකුත් ඉදිකිරීම් අතර ශාන්ත මරියා දේවස්ථානය(St. Marie’s church) හා නූපේ ප්‍රදෙශයේ පිහිටා තිබෙන ලන්දේසි වෙළඳ පොල විශේෂ ස්ථානයක් ගනී.මාතර ප්‍රදේශයේ විසූ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර  කුමාරතුංග මුනිදාස, ගජමන් නෝනා යන අය විශේෂ ස්ථානයක් ගන්නා අතර තවත් බොහෝ බුද්ධිමතුන් වාසය කල ප්‍රදේශයකි. මාතර ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් සිංහල වන අතර 17 වන සියවසේ මුස්ලිම් සංක්‍රමණිකයන් වෙලඳාම සඳහා පැමිණ තිබේ. වර්තමානයේ ඔවුන් මාතර දිස්ත්‍රික්කයේ සුළු ජාතියක් ලෙසින් සිංහල ජාතිකයන් සමග සහයෝගයෙන්  ජීවත් වෙති.

මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශ (8) 

  1. අකුරැස්ස
  2. දෙනියාය
  3. දෙවිනුවර
  4. හක්මණ
  5. කඹුරුපිටිය
  6. මාතර
  7. වැලිගම
  8. මාලිම්බඩ

දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ආයතන

 

ප්‍රවාහනය

මාතර නගරය ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ද්ක්ෂිණ අධිවේගී මාර්ගය මාතර ගොඩගම ප්‍රදේශය හා කොලඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව යා කරමින් පවතී. ශ්‍රි ලංකා දුමිරිය මාර්ග පද්ධතියේ වෙරළ බඩ මාර්ගයේ අවසන් දුමිරිය ස්ථානය මාතර වේ.මාතර සිට කතරගම දකවා දුමිරිය මාර්ගයේ වැඩකටයුතු මේ දිනවල(2012) සිදුකෙරෙමින් පවතී.

වෙනත්/ පරිශීලන/ විමර්ශන

Advertisement