1999 මාර්තු මස 2 වන දින ස්ථාපිත කරන ලද සමුපකාර රක්ෂණ සමාගම තම ගනුදෙනු කරුවන්ගේ අපේක්ෂිත අරමුණු ඉටුකළ හැකි එක්සත්ව කටයුතු කළහැකි ප්‍රමුඛ ආයතනය වීම තම දැක්ම කරගනිමින් ඉතා ඉහල ආචාරාත්මක හා සදාචාරාත්මක ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි සකස් කල නිර්මාණාත්මකවූද සියලුදෙනාට දැරිය හැකි වූද රක්ෂණ විසදුම් මගින් සත්‍ය වූ ආරක්ෂාව ප්‍රශස්ථ ලෙස ලබා දීම මෙහෙවර ලෙස ක්‍රියාත්මක කරමින් ලංකාවේ වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් ලෙසින් ස්ථාපිතව පවතී. සමුපකාර රක්ෂණ සමාගමේ ප්‍රධාන විශේෂිත ලක්ෂණයක් වන්නේ කොටස් කරුවන්, ගනුදෙනු කරුවන් ව්‍යාපාරයේ හවුල් කරුවන් අතර සමීප සම්බන්ධකම් පැවැත්වීමට කටයුතු කිරීමයි.
සමුපකාර රක්ෂණ සමාගම, ලෝකයේ රටවල් 65 ක ක්‍රියාත්මක සමුපකාර රක්ෂණ සමාගම් 120 කින් යුතු සංගමයේ සාමාජිකයෙකි.

