Ceylon Jungle Fowl – වලි කුකුළා

ගැලස්(Gallus) යන ගණයට අයත් වන වලිකුකුළන්, ප්‍රධාන විශේෂ හතරකි.ඔවුන්ගේ විද්‍යාත්මක නම් සමඟ පහත දැක්වේ.

  1. රතු වලිකුකුළා –  Gallus gallus
  2. ශ්‍රී ලංකා වලිකුකුළා –  Gallus lafayetii
  3. අළු වලිකුකුළා  - Gallus sonneratii
  4. කොළ වලිකුකුළා – Gallus varius

වලිකුකුළන් ඉතා දුර්ලභ සත්ව කොට්ඨාශයක් වන අතර ඔවුන් ඉන්දියාව, ලංකාව, ගිණිකොනදිග ආසියාව හා ඉන්දුනීසියාවේ පමණක් වෙසෙන පක්ෂි ගණයකි. පිරිමි සතුන් සතුව අලංකාර පිහාටු කළඹක් දක්නට ලැබෙන අතර ඔවුන් ගණව වැඩුනු වනාන්තර වල පමණක් දක්නට ලැබේ. වොවුන්  වේගවත් ආහාර ගැනීමේ චර්යා රටාවක් පෙන්වයි. කුඩා කෘමින් හා ධාන්‍ය වර්ග මොවුන්ගේ ආහාර වෙයි. වර්ගයා බොකිරීම බිත්තර දැමීම මගින් සිදු කරන අතර බිජෞෂණය සදහා පිරිමි සතුන්ගේ සහභාගි වීමක් නොමැත. ගෘහාශ්‍රිත කුකුලන්ගේ පුර්වජයන් ලෙස රතු වලිකුකුළන් සැලකෙන අතර කොළ වලිකුකුලන්ද එසේ ගෘහාශ්‍රිත කුකුලන් පරිණාමය වී ඇතැයි සැලකේ.

ලංකාවේ ජාතික පක්ෂියා ලෙස සලකනේ වලි කුකුළා ය.

  1. Kingdom: Animalia
  2. Phylum: Chordata
  3. Class: Aves
  4. Order: Galliformes
  5. Family: Phasianidae
  6. Subfamily: Phasianinae
  7. Genus: Gallus

Advertisement